කුවේටයේ විදේශිකයින්ට පාස්පෝට් එක සම්බන්ධයෙන් වැදගත් දැනුම්දීමක්

කුවේටයේ සිටින විදේශිකයින්ට පාස්පෝට් එක සම්බන්ධයෙන් වැදගත් දැනුම්දීමක් සිදුකර තිබේ.‍

කුවේටයේ පුද්ගල ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් පෙර තිබූ නීතියට අනුව ඉදිරියට වසරක කාලයක් කල් ඉකුත්වීමේ දිනයක් තිබුන විට වීසා දීර්ඝ කරගැනීමට නව ගමන් බලපත්‍රයක් සෑදිම අවශ්‍ය වන ලෙසයි. නමුත් කොරෝනා වසංගතයත් සමඟ එම ක්‍රමවේදය වෙනසකට ලක්කර තිබෙන අතර වසංගතය නිසා ඔබේ ගමන් බලපත්‍ර කාලය අවසන්ව ඇත්නම් එම ගමන් බලපත්‍රයම තානාපති කාර්යාලයට ගෙන ගොස් එය වසර දෙකක කාලයකට දීර්ඝ කර ගැනීම කළ යුතු බවයි. එහිදී එම ගමන් බලපත්‍රයටම වීසා (අකාමා) දීර්ඝ කරගැනිම සිදුකර ගතහැකි බව කුවේට් රජය විසින් නිවේදනය කර ඇත.

එබැවින් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඔබගේ තානාපති කාර්යාලයට ගොස් ගමන් බලපත්‍ර කාලය දීර්ඝ කරගෙන වීසා අලුත් කරගන්න.