ඕමානයට ගෘහ සේවිකාවන් බදවා ගැනීමේ නීති අලුත් වෙයි

ඕමානයට ගෘහ සේවිකාවන් බදවා ගැනීමේ නීති අලුත් වෙයි

ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් රැකියා සඳහා අක්‍රමවත් ලෙස ඕමානයට ඇතුළුවිම වැළැක්වීමට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා නව ක්‍රමවේදයක් හඳුන්වා දුන් බව විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

නව ක්‍රියාපටිපාටියට අනුවල ඕමානහි විදේශ ගමන් බලපත්‍ර අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සහ රාජකීය ඕමාන් පොලිසිය, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට රැකියා වීසා බලපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ, එරට රැකියා නියෝජිත ආයතන හෝ තනි අනුග්‍රාහකයන්ට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද  විරෝධතාවයක් නොමැති බවට සහතිකයක්” ඉදිරිපත් කරන්නේ නම් පමණක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙම වැඩපිළිවෙල මේ වනවිටත් ක්‍රියාත්මකව පවතින්නේ යැයි ද කීය.

එමෙන්මල  මේ සඳහා එක් එක් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ගේ රැකියා කොන්ත්‍රාත්තුවද ඉදිරිපත් කළ යුතු බවත් ඒ අනුවල ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් බඳවාගැනීම සඳහා මස්කට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්  විරෝධතාවයක් නොමැති බවට සහතිකයක්” නොමිලේ ලබාගැනීමට රැකියා නියෝජිත ආයතන සහ තනි අනුග්‍රාහකයන්ට පහසුකම් සලසා ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඕමානයේ විදේශ ගමන් බලපත්‍ර හා නේවාසිකයන් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සමග එක්ව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය එක්ව මෙම වැඩපිළිවෙල දියත් කළ බවද ජයරත්න මහතා කීය .

ඕමාන් තානාපති කාර්යාලය විසින් මේ වනවිටත් මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එම නිවේදනය අනුවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයල ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් බඳවාගැනීමට අපේක්ෂා කරන සියලුම රැකියා නියෝජිත ආයතන සහ තනි අනුග්‍රාහකයන්ට උපදෙස් දීමාලාවක් ලබා  තිබේ.

එහි දී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ රැකියා කොන්ත්‍රාත්තුව මිනිස් බල අමාත්‍යාංශයට මෙන්ම ඕමාන් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට අවශ්‍ය සහතික කිරීම් සඳහා ඉදිරිපත් කළ යුතුය.

ඕමානයේ රාජ්‍යයේ මිනිස් බල අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සහතික කරන ලද රැකියා කොන්ත්‍රාත්තුව සත්‍යාපනය (Authentication)  කිරිම සඳහා මස්කට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීම.

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ රැකියා ගිවිසුම්ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගැනීම.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ලියාපදිංචි කිරීමෙන් පසු  විරෝධතාවයක් නොමැති බවට සහතිකය. රක්ෂණය කිරීම සඳහා මස්කට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉල්ලීම් ලිපියක් සමග ඉදිරිපත් කල යුතුය.