විදෙස් ගතව සේවය කළ ශ්‍රී ලාංකිකයන් 92ක් යළි මව්බිමට

විදෙස් ගතව සේවය කළ ශ්‍රී ලාංකිකයන් 92ක් යළි මව්බිමට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 4ක රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 92 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය සඳහා සුඩානය වෙත ගොස් සිටි හමුදා නිලධාරින් 79 දෙනෙකු අද (16) අලුයම දිවයිනට පැමිණි අප වාර්තාකරු පවසයි.

එමෙන්ම කටාර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්වගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු, ජපානයේ සිට එක් අයෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

මීට අමතරව පාකිස්ථානයේ රැඳිසිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි සඳහන්ය.

මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒමේ කටයුතු ලබන සතියේ සිට විධිමත්ව යළි ආරම්භ කරන බව ගුවන් හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසා තිබේ.