කොරෝනා නිසා කටාරයේ අසරණවී සිටින ලාංකික පවුලක් මෙරටට එන්න සහය පතයි

කොරෝනා නිසා කටාරයේ අසරණවී සිටින ලාංකික පවුලක් මෙරටට එන්න සහය පතයි

කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව දෝහා කටාර්හි අසරණවී සිටින ලාංකික පවුලක් මෙරටට පැමිණීම සඳහා රජයෙන් සහය ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කර තිබේ.

පියා ,මව සහ දියණියන් දෙදෙනෙකු සිටින මෙම පවුලේ පියා කටාරයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාව සඳහා විදේශ ගතව තිබෙන අතර පසුගිය මැයි මාසයේ සිට රැකියාවද අහිමිව කිසිදු ආදායමක්ද නොමැතිව කටාරයේ සිටවී සිටියි.

දිවයිනට පැමිණීම සඳහා පසුගිය අප්‍රේල් 27 වෙනි දින ලියාපදිංචි වූ නමුත් නැවත පැමිණීම සඳහා ගුවන් යානයකට ගෙවීමක් කිරීමටද හැකියාවක් නොමැතිව මේ වනවිට මහත් අසරණව කටාරයේ රැඳී සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

එබැවින් තම පවුලේ සාමාජිකයින් දිවයිනට ගෙන්වා ගැණීමට සහය වන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබෙන අතර ඔවුන්ව 0097 433 75 79 82 යන අකයෙන් සම්බන්ධ කර ගැනීමේ හැකියාවද පවතී.

ඔබත් කටාරයේ ජීවත්වෙන අයෙක් නම් හැකි අයුරින් මේ අයට උදව් කරන්න.

වැඩබිම