විදේශයේදී මියගිය ලාංකිකයින්ගේ වන්දි මෙතෙක් ගෙවා නැති බවට හෙලිදරව්වක්

විදේශයේදී මියගිය ලාංකිකයින්ගේ වන්දි මෙතෙක් ගෙවා නැති බවට හෙලිදරව්වක්

මැදපෙරදිග රටවල සේවය සදහා ගිය ශ‍්‍රී ලාංකිකයන් 70 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී එම රටවල දී මියගොස් ඇතත්, ඔවුන් වෙනුවෙන් ලබා දිය යුතු වන්දි මුදල් ලබා දීමට මෙතෙක් කටයුතු කර නොමැති බව මාධ්‍ය වාර්තා කරයි.

 
රජය සඳහන් කර ඇත්තේ මියගිය එක් පුද්ගලයෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් ලක්ෂ පහක් ලබා දීමට කටයුතු කරන බවයි. කෙසේ නමුත් මෙතෙක් එම වන්දි මුදල් ලබා දීමට කටයුතු කර නොමැති බවයි සඳහන් වෙන්නේ.
 
එමෙන්ම, මිය ගිය ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන් වෙනුවෙන්, ආගමික කටයුතු ඉටු කිරීම සදහා, ලංකාවේ වෙසෙන ඔවුන්ගේ පවුල්වලට රුපියල් 40000 ක ප‍්‍රදානය කරන බව පවසා තිබුනද, එයද මෙතෙක් කිසිවකුලට ලබා දී නැති බවත් සඳහන්.