කටාරයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා නම් කෙරේ

කටාරයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා නම් කෙරේ

කටාර් රාජ්‍යයේ නව ශ්‍රී ලකා තානාපතිවරයා ලෙස එම්.මොහොමඩ් මහතා පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිළතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙන බව වාර්තා වේ.

මෙහිදමාත්‍යාශ ලේකම්වරු සිව්දෙනෙකුගේ පත්වීම් සඳහා ද අනුමැතිය හිමිවී තිබෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එලෙස අනුමැතිය හිමිවී ඇත්තේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියාන් බන්දු වික්‍රම, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න යන මහත්වරුන්ටයි.

වැඩබිම