විදෙස්ගත ලාංකිකයින් 58,000ක් මව්බිමට එන්න අපේක්ෂාවෙන්

විදෙස්ගත ලාංකිකයින් 58,000ක් මව්බිමට එන්න අපේක්ෂාවෙන්
විදෙස්ගත ලාංකිකයින් 58,000කට අධික පිරිසක් මව්බිමට එන්න අපේක්ෂාවෙන් පසුවෙන බව වාර්තා වේ. 
 
පසුගුය මාර්තු මස 10 වන දින සිට පසුගිය 30 වෙනිදා දක්වා අතර කාලය තුළ කොරෝනා නිසා මව්බිමට පැමිණීමට නොහැකිව විදේශයේ රැඳී සිටි ලාංකිකයින් 45,509ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා තිබේ.
 
එමෙන්ම විදේශ රටවල පිහිටි ලක් තානාපති කාර්යාලවල සංඛ්‍යා වාර්තාවලට අනුව තවත් ලාංකිකයින් 58,892ක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් තානාපති කාර්යාලවල ලියාපදිංචි වී සිටින බවත් සඳහන්.
 
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඉදිරි කාලයේදී සංචාරකයින් මෙරටට ගෙවන අතරතුර විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීමද අඛණ්ඩව සිදුකෙරෙන බව සංචාරක අමාත්‍යාංශය පෙන්වා දෙයි.
 
එමෙන්ම මෙරටට ගෙන්වාගත් පිරිසෙන් 30,000කට අධික පිරිසක් විදෙස්ගතව සේවය කල ලාංකිකයින් වන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

 

වැඩබිම