විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වීම අඛණ්ඩව සිදුකරන බවට නිවේදනයක්

විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වීම අඛණ්ඩව සිදුකරන බවට නිවේදනයක්

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංචාරකයින් මෙරටට ගෙන්වීම සිදුකරන අතරතුරම විදෙස්ගතව රැඳී සිටින ලාංකිකයින් ගෙන්වීමද අඛණ්ඩව සිදුකරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශකර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාශ වාර්තා වලට අනුව පසුගිය මාර්තු 10 වෙනිදා සිට නොවැම්බර් 31 දක්වා කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණි ලාංකිකයින් ප්‍රමාණය 33,063ක් වන  අතර මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වෙත පැමිණි පිරිස 12,446ක් බවයි ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ
 
මෙම කාලය තුළ දිවයිනට වැඩිම පිරිසක් ගෙන්වා ගෙන ඇත්තේ මැදපෙරදිග කලාපයෙන් වන අතර ඊට අමතරව නැගෙනහිර ආසියානු හා පැසිෆික් කලාපයෙන්ද ,දකුණු ආසියාව ,එක්සත් රාජධානිය හා යුරෝපා කලාප වලින්ද ලාංකිකයින් ගෙන්වා තිබේ.
 
 මැදපෙරදිග සිට ගෙන්වා ගත් පිරිස අතර වැඩි ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වෙයි. ඊට අමතරව මාලදිවයින, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කටාර් රාජ්‍යය, එක්සත් රාජධානිය, ඕමානය, ජපානය ,සිංගප්පූරුව හා කුවේට් යන රටවලින්ද විශාල පිරිසක් දිවයිනට ගෙන්වා තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

වැඩබිම