විදේශයන්හි සිටි ලාංකිකයින් 591 දෙනෙකු දිවයිනට

විදේශයන්හි සිටි ලාංකිකයින් 591 දෙනෙකු දිවයිනට
කොරෝනා වසංගතය හේතුවෙන් විදෙස්ගතව සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 591 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 191 දෙනෙකු , මාලදිවයිනේ, මාලේ අගනුවර සිට 60 දෙනෙකු , සෞදි රියාර් නුවර සිට 293 කු සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට ලාංකිකයින් 47 දෙනෙකු එලෙස පැමිණි පිරිස අතරට ඇතුළත් වන බවයි කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ .
 
පැමිණි සියලුම ගුවන් මඟීන් කටුනායක ගුවන්තොටුපළ පිරිශ්‍රවයේදී පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කර තිබෙන අතර අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකල බවත් සඳහන්.
 

වැඩබිම