ලාංකික නාමය ලෝකයට ගෙන ගිය අපේ සාගර විද්‍යාඥවරිය

ලාංකික නාමය ලෝකයට ගෙන ගිය අපේ සාගර විද්‍යාඥවරිය

2020 වර්ෂයේ සාගර වීරවරිය ලෙස ලාංකික සාගර විද්‍යාඥවරියක නම් කර තිබෙන බව වාර්තා වේ. ඇය නමින් ලෝකයේම ප්‍රසිද්ධියට පත් ලාංකික සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩී වෝස් මහත්මියයි.

 මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ස්කූබා ඩයිවින් නම් සුප්‍රකට සගරාව විසින් වන බවයි වාර්තා වෙන්නේ.
 
ඇය ශ්‍රි ලංකා මුහුදු තීරයේ වෙසෙන නිල් තල්මසුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉටුකළ සේවය පදනම් කරගනිමින් මෙම නම් කිරිමට හා පැසසුමට ලක්ව තිබීම විශේෂත්වයකි.
 
ඒ වෙනුවෙන් ඇයට ඩොලර්  5000ක ත්‍යාගයක්ද හිමිවී තිබෙන අතර සාගර ජීව විද්‍යාව හදාරන ලාංකික සිසුන් කිහිප දෙනෙකුට පරියේෂණාත්මක අධ්‍යනයක් සිදු කිරීමට එම මුදල යෙදවීමට ඇය තීරණය කර තිබෙන බවත් සඳහන්.
 
එමෙන්ම, පසුගියදා පානදුර වෙරළ තීරණයට අනපේක්ෂිත ලෙස තල්මසුන් පිරිසක් ගොඩ ගසා තිබූ අවස්ථාවේ එම තල්මසුන් යලිත් මුහුදවෙත යැවීමේ කාර්යයෙ මූලිකත්වය ගනිමින් ආශා ඩී වෝස් මහත්මිය කැපවී කටයුතු කළ ආකාරයද විශේෂයෙන් සඳහන් කලයුතු කාරණයකි.
 
ඇයට අපෙන් සුබ පැතුම්!