විදෙස්ගතව සිට දිවයිනට එන සියළුම ලාංකිකයින්ට රජයෙන් විශේෂ සිහිපත් කිරීමක්

විදෙස්ගතව සිට දිවයිනට එන සියළුම ලාංකිකයින්ට රජයෙන් විශේෂ සිහිපත් කිරීමක්
විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අද දිනයේදී නිකුත් කිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.
 
මෙහිදී හමුදාපති වරයා සඳහන් කළේ නව ක්‍රමවේදය අනුව විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් යලි නිවසට ගොස් දින 14ක් නිරෝධායනය වීමේ ක්‍රමවේදය මේ ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
 
එමෙන්ම ඉදිරි සති කිහිපයේදී වන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ජා සිදුකළ  බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
 

මේ අතර විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගුවන් තොටුපොළේදී මුහුණදෙන ප්‍රමාදය මග හරවා ගැනීම සඳහා ද ගුවන් තොටුපොළ බලධාරීන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ජා කළ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.