ගුවන්තොටුපළ විවෘත කරන දිනයක් ගැන නිවේදනයක්

ගුවන්තොටුපළ විවෘත කරන දිනයක් ගැන නිවේදනයක්

ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා මේ සම්බන්ධයෙන් නිවේදයක් නිකුත් කරමින් ප්‍රකාශකර ඇත්තේ එලැඹෙන 26 වෙනි දින සිටගුවන්තොටුපල විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.
 
එහිදී වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් පළමුව ආරම්භ කිරීම සඳහා අවසර ලබා දී  තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
 
එමෙන්ම ආරම්භයේදී කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන්තොටුපල වෙත මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට අවසර හිමිව තිබේ.
 
විශේෂයෙන් ගුවන්තොටුපළ විවෘත කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග හා පිළිපැදිය යුහු සෞඛ්‍ය උපදෙස් පිළිබඳව පසුව දැනුම් දීමට නියමිත් බවත් සඳහන්.
 
එමෙන්ම ජාත්‍යන්තර ගුවන්ගමන් සඳහා ශ්‍රී ලංකාව යළි විවෘත කිරීම පිළිබඳ ස්ථිර දින වකවානූ ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිකුත්කරන ලද නිවේදනයේ සඳහන් වෙයි.
 
වැඩබිම