විදෙස්ගතව සිටි ලාංකිකයින් 56,000ක් දිවයිනට  

විදෙස්ගතව සිටි ලාංකිකයින් 56,000ක් දිවයිනට  
කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ දිවයිනට පැමිණීමට නොහැකිව විදේශයේ රැඳී සිටි ලාංකිකයින් 56,000ක  පිරිසක් මේවනවිට දිවයිනට ගෙන්වා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
 
වෛරසය ව්‍යාප්තවීමත් සමඟ ගුවන්තොටුපළ වසා දැමිමට කටයුතු කල අතර එලෙස වසා දැමීමෙන් පසුව මෙම ලාංකිකයින් පිරිස දිවයිනට ගෙන්වා ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.
 
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශක ඇත්තේ.