විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින්ට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින්ට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරුණු 06 කින් යුත් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් අනිවාර්යෙන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියේ පසුවිය යුතුය.

ලබාදී ඇති කරුණු 06 කින් යුත් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපදින පුද්ගලයින්ට යලිත් සිය නිවසේ දින 14ක කාලයක් නිරෝධායනය වීමේ අවස්ථාවෙන් මුදා හැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කර ඇති ලිපියේ දක්වා ඇත්තේ.

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් විසින් අනුගමනය කළ යුතු කරුණු 06ක් ඇතුලත් මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ :

1. මෙරටට ඇතුල්වීමෙන් පසු පළමු දිනයේ දී මූලික PCR පරීක්ෂණයකට භාජනය විය යුතුය.
2. රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දින 14 ක නිරෝධායන කාල සීමාවක් තුළ තනි කාමරයක හෝ ද්විත්ව හවුල් පහසුකමක (පුද්ගලයින් සංඛ්‍යාව උපරිම වශයෙන් 2 කට හෝ එක් පවුලක සාමාජිකයින්ට සීමා කළ යුතුය) ලක්විය යුතුය.
3. මෙම කාමරයට වෙනම සනීපාරක්ෂක පහසුකම් තිබිය යුතු අතර නිරෝධායනය වෙන සෙසු පුද්ගලයින් සමඟ හවුලේ භාවිතා කිරීම නොකල යුතුය.
4. නිරෝධායන කාල සීමාවේදී කිසිදු අයුරකින් නිරෝධායනය වීමට පැමිණ සිටින අනෙක් පුද්ගලයින් සමග මිශ්‍ර නොවීමට වගබලා ගත යුතුය.
5. නිරෝධායන කාල සිමාවේ දින 12-14 අතර කාලයේදී සිදුකරනු ලබන PCR පරීක්ෂණයට භාජනය වීම අනිවාර්ය වන අතර එහි ප්‍රථිපල සෘනාත්මක විය යුතුය.
6. දින 14 නිරෝධායන කාලය අවසානයේදී, මධ්‍යස්ථානයේ භාර නිලධාරියා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් අදාළ පුද්ගලයාගේ නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳව සෑහීමකට පත්විය යුතුය.
(නිව්ස්වයර්)