ගුවන් තොටුපොළ විවෘත කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ස්ථාවරය

ගුවන් තොටුපොළ විවෘත කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ස්ථාවරය

ගුවන්තොටුපල විවෘත කිරීම ජනවාරි සිට විවෘත කිරීමට අපේක්ෂා කරන බවත්, මේ මස 26 වනදා සිට විශේෂ ගුවන්යානා සඳහා අවසර ලබාදෙන බවත් ඕනෑම සංවිධානයකට හෝ ආයතනයකට ඒ සඳහා අවසර ලබාගත හැකි බවත් ඇමතිවරයා පැවසුවේ ගම්පහ වැලිවේරියේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 259 වැනි ශාඛාව විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමත්‍යවරයා, වාණිජ ගුවන් ආරම්භ කෙරෙන්නේ 26 වනදා සිට ආරම්භ කෙරෙන නියමු ව්‍යාපෘතිය අනුව එහි අඩුපාඩු නිවැරදි කරගනිමින් බවද වැඩිදුරටත් පවසන ලදි.

සංචාරකයින් දිවයිනට ගෙන්වීම තුලින් කොවිඩ් පොකුරක් බිහිවිය හැකි බවට විපක්ෂය කරන චෝදනාව ප්‍රතික්ෂේප කල ඇමතිවරයා රට තුල පසුගිය කොවිඩ් රැලි නිර්මාණය වූයේ ගුවන්තොටුපල විවෘත කල නිසාදැයි ඇසුවේය.

“මේ වෙනකොට ‍බොහෝ රටවල් ගුවන්තොටුපලවල් විවෘත කරලා. අපට වඩා ආසාදිතයෝ වැඩි මරණ වැඩි රටවලුත් මේ අතර වෙනවා. විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් වැඩිවෙනකල්. රටේ කොවිඩ් වසංගතය වැඩිවුණාම විපක්ෂය ඒකෙන් කාලකණ්නි සතුටක් ලබනවා. ඒ නිසයි ජනතාව බියගන්නවන්න හදන්නේ.”