විදෙස් ශ්‍රමිකයින් එවන ඩොලර් වලට අමතර දීමනාවක් ලබා දීමේ සූදානමක්

විදෙස් ශ්‍රමිකයින් එවන ඩොලර් වලට අමතර දීමනාවක් ලබා දීමේ සූදානමක්
විදෙස්ගතව සේවය කරන ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ මුදල් මෙරටදී එම සේවා නියුක්තිකයින් හෝ ඔවුන්ගේ ප්‍රතිලාභීන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඇමරිකානු ඩොලරයක් සඳහා අමතරව රුපියල් දෙකක දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් 2021 අයවැය මඟින් යෝජනා කර තිබේ.
 
මෙම යෝජනා ක්‍රමය බලපත්‍රලාභී බැංකු හරහා ක්‍රියාත්මක කරනු ලබන අතර එම දිරිදීමනාව ගෙවීම සඳහා වැයවන පිරිවැය රජය විසින් දරනු ලබන අතර එහිදී මෙම ක්‍රමවේදය ක්‍රියත්මක වන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කරනු ඇති බවත් සඳහන්.
 
තමන් සතු අරමුදල් සුරක්ෂිතව මෙරටට එවීමටත් එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී වැඩි මුදලක් උපයා ගැනීමටත් මෙමගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙම අවස්ථාවෙන් හැකියාව ලැබෙන අතරම එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙසත් විදේශයන්හි සේවය කරන සියලුම ලාංකික ශ්‍රමිකයින්ට ආරාධනා කරන බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.