නව කොරෝනා වෛරස් ප්‍රභේදය නිසා විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම පෙර පරිදිම  

නව කොරෝනා වෛරස් ප්‍රභේදය නිසා විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම පෙර පරිදිම  
රටවල් කිහිපයකින් සීඝ්‍රයෙන් පැතිරෙන නව කොරෝනා වෛරසය හේතුවෙන් දිවයිනට පැමිණෙන සියළුම පුද්ගලයින්ට පෙර පැවති ක්‍රමවේදය යටතේ එනම්, මෙරටට පැමිණෙන සියලුම පුද්ගලයින් විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගැනීම යටතේ පැමිණීමේ ක්‍රමවේදයට අනුව සිදුකිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය  නිවේදනය කර තිබේ.
 
මීට ඉහතදී විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දෙසැම්බර් 26 වෙනිදා සිට ගුවන් තොටුපොළවල් යලි විවෘත කිරීමෙන් පසු ලාංකිකයින්ට සහ ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශය, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පුර්ව අනුමැතියකින් තොරව සෞඛ්‍ය මාර්ගොපදෙෂකය්න්ට යටත්ව මෙරටට පැමිණීමට හැකියාව පවතින බවයි.
 
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ වත්මන් තත්ත්වය ඇගයීමකින් පසුව විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් වන සංශෝධිත මාර්ගෝපදේශ නිකුත් කිරීමට නියමිත බවයි.