එක්සත් රාජධානියෙන් පැමිණෙන් ගුවන් යානාවලට මෙරටින් තහනමක්

එක්සත් රාජධානියෙන් පැමිණෙන් ගුවන් යානාවලට මෙරටින් තහනමක්
එක්සත් රාජධානියේ සිට මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
 
ඒ අනුව හෙට (23) අලුයම 2 සිට නැවත දැනුම් දෙන තුරු එම තීරණය ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයා පවසයි.
 
එක්සත් රාජධානියෙන් නව කොරෝනා වෛරසයේ වෙනත් ප්‍රභේදයක් හමුවී ඇතැයි වාර්තාවීමත් සමග එරටින් සංචාරකයින් පැමිණීම තහනම් කිරීමට රටවල් කිහිපයක් තීරණය කර තිබේ.
 
මේ අතර, මහා බ්‍රිතාන්‍යයේ තුළ පැතිර යමින් පවතින නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
 
කෙසේවෙතත් යම්කිසි ආකාරයකින් එම වෛරසය මෙරටට ඇතුළු වුවහොත් වාර්තා වන ආසාදිතයින්ගේ විශාල වැඩිවීමක් සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.