එංගලන්තයේ සිට ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නවතී

එංගලන්තයේ සිට ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නවතී
එක්සත් රාජධාණියෙන් හඳුනාගත් නව කොරෝනා වෛරසයේ ප්‍රභෙදය නිසා එහි අවදානම සැලකිල්ලට ගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි එරට සිට ගුවන් මගින් දිවයිනට පැමිණීම ඊයේ(22) දිනයේ සිට තාවකාලික අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
 
දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුව සමඟ ඊයේ (22) දිනයේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙන අතර එහිදී නව කොවිඩ් වෛරස් ප්‍රභෙදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවත් සඳහන්.
 
එගලන්තයේ සිට ඊයේ දිනයේදී පැමිණීමට නියමිතව සිටි මගීන් පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමුකර තිබෙන අතර එහිදී දින 14ක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය යටතේ එම ක්‍රියාවලිය සිදුවීමට නියමිතයි.
 
තවද නිරෝධායනය අවසන්ව නිවෙස්වලට ගිය පසුත් නැවත දින 14ක් නිවසේ නිරෝධායනය වීමද අවශ‍්‍ය බවත් සඳහන්.
 
එමෙන්ම ලන්ඩනයේ සිට එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවල කාර්ය මණ්ඩලයද නිරෝධායන ක්‍රියාවලියට යටත් වීමද අනිවාර්ය බව මෙහිදී තීරණය කර තිබේ.