සංචාරකයින්ට රට විවෘත කිරීම දින කිහිපයකට කල් යයි

සංචාරකයින්ට රට විවෘත කිරීම දින කිහිපයකට කල් යයි
විදේශීය සංචාරකයින් සඳහා මෙරට ගුවන් තොටුපළ යළි විවෘත කිරීම දින කිහිපයකට කල් යනු ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා ප්‍රකාශකර තිබේ.
 
මේ සම්බන්ධ්යෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව දින කිහිපයකින් සංචාරකයින් සඳහා ගුවන් තොටුපළ විවෘත කිරීමට නියමිත බවයි.
 
කෙසේ වෙතත් කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විදේශීය සංචාරකයන්ට පනවා තිබූ සීමා ඉවත් කරමින් අද සිට විදේශීය සංචාරකයින්ට රට විවෘත කිරීමට බලධාරීන් මීට පෙර තීරණය කර තිබූ නමුත් යුරෝපා කලාපයේ පැතිර යන කොරෝනා නව වෛරස් ප‍්‍රභේදය හේතුවෙන්  එම තීරණය දින කිහිපයකට ප්‍රමාද කර තිබෙන බවයි.
 
අද දිනයේ සංචාරකයින්ට රට විවෘත කිරීමට තීරණය කිරීම සමඟ අද දිනයේ රුසියානු ජාතිකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව තිබූ අතර හඳුනාගෙන ඇති මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය නිසා ඔවුන්ගේ පැමිණීමද දින කිහිපයකට ප්‍රමාදවන බවට තීරණය කර තිබේ. එලෙස පැමිණීමට නියමිතව සිටි පිරිස අතරට රුසියාවේ ධනවතුන් 200කට අධික පිරිසක් සිටිය බවත් සඳහන්.