විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 248 දෙනෙකු අද (26) උදෑසන 8.30 න් අවසන් වු පැය 24 තුළ දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.

මොවුන් ගුවන් යානා 09කින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙන අතර කටාර් රාජ්‍යයේ සිට සහ ඉන්දියාවෙන් පැමිණි පුද්ගලයින් 50 දෙනෙකු ද ඊට ඇතුලත් වේ.

එම කාලය තුළ මෙරට සිට ගුවන් යානා 08කින් ලාංකිකයන් 343 දෙනෙකු විදේශ ගත වී ඇති අතර, ජපානය වෙත ලාංකිකයන් 130 දෙනෙකු එලෙස පිටත්ව ගොස් තිබෙන බවත් සඳහන්.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image