ඕස්ට්‍රේලියාවේ සේවය කළ ලක් තරුණයෙක් අනතුරකින් මියයයි

ඕස්ට්‍රේලියාවේ සේවය කළ ලක් තරුණයෙක් අනතුරකින් මියයයි

මඩකළපුව  පදිරිප්පු  මැතිවරණ කොට්ඨාසයේ පලුකාමම්හි තරුණයකු  ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මායිමේ ගඟේ ගිලී ජීවිතක්ෂයට පත්වූ බවට වාර්තා වේ. එස්. දිසානායක නමැති වයස 28ක මෙම තරුණයා මෙසේ  ජීවිතක්ෂයට  පත්වූ බව ඔහුගේ මිත්‍රයන් පවසයි.  

සංක්‍රමණියකු ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණි දිශාන්ත කුයින්ස්ලාන්තය හා  සිඩ්නි යන  පළාත්වල  ජීවත් වූ අතර මෑතකදී වික්ටෝරියාවේ පදිංචි වූ බව පවසයි. නත්තල් දිනයේ තම මිත්‍රයන්  සමඟ ගඟක දිය නෑමට ගිය මොහු එහි පිහිනුමේ යෙදී සිටියදී අතුරුදන් වූ බවත් ඉරුදින සවස ඔහුගේ මෘත දේහය සොයාගත් බවත් පවසයි.