විදේශයේ සිට මෙරටට එන්න ඉන්න ලාංකිකයින්ට සුබ ආරංචියක්

විදේශයේ සිට මෙරටට එන්න ඉන්න ලාංකිකයින්ට සුබ ආරංචියක්
විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සිදුකළ ද, විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරන බව  සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර තිබේ.
 
සංචාරක ක්ෂේත‍්‍රයේ අත්හදා බැලීමේ වැඩපිළිවෙල යටතේ විදෙස් සංචාරකයින්ට මෙරට ගුවන් තොටුපල පසුගිය 28 වෙනිදා සිට ආරම්භකළ අතර ගතවූ දින දෙක තුළ විදෙස් සංචාරකයින් ඇතුළු 390 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
 
එලෙස පැමිණි සියලුම දෙනා යුක්රේන ජාතිකයින් වන බවත් සඳහන්.
 
කෙසේ වෙතත් විදෙස් සංචාරකයින් ගෙන්වා ගැනීම සමඟම විදෙස්ගතව සිට මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ද ගෙන්වා ගැනීම් අඛණ්ඩව සිදුකර අතර ඊයේ දිනයේදී ද කටාරය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සිදුකර තිබේ.
 
එමෙන්ම කටුනායක ගුවන්තොටින් පිටවූ ගුවන්යානා තුනකින් ලාංකිකයින් 95 දෙනෙකු විදෙස් රටවල් බලා ගමන් කර තිබෙන බවත් සඳහන්.