
කොරෝනා වසංගතය හමුවේ විදේශයේ සිටවී සිටි ලාංකිකයින් 91 දෙනෙකු විශේෂ ගුවන් යානා 07 කින් ඊයේ (29) කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
එලෙස පැමිණි පිරිස අතරට කටාර් රාජ්‍යයේ රැඳී සිටි පුද්ගලයින් 84 දෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි පුද්ගලයින් 07 දෙනෙකු ඇතුළත්වෙන බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
ඔවුන්ට ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණ සිදුකර තිබෙන අතර අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇති බව සඳහන්.