නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා ප්‍රකාශකර ඇත්තේ,ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව සංචාරකයින් පැමිණිය ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පැමිණෙන ගුවන්යානාවලට ප්‍රමුඛතාව ලබා දෙන බවයි.
සංචාරකයින්ට රට විවෘතකරන බව ප්‍රකාශ කිරීමත් සමග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන විදෙස්ගත ශ්‍රමිකයින් අතර අනියත බියක් පැතිරවීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවත් එලෙස අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් විදෙස්ගත ශ්‍රමිකයින්ට අමාත්‍යවරයා මෙහිදී සිහිපත්කර දෙයි.
