අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් තානාපතිවරයා ඉල්ලීමක් කරයි

අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් තානාපතිවරයා ඉල්ලීමක් කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනයට සහය ලබාදෙන ලෙස අමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

තානාපතිධුරයේ වැඩ ආරම්භ කරමින් පැවැති සර්ව ආගමික වතාවත් සහ ආශිර්වාදවලින් පසු තානාපතිවරයා මෙම ඉල්ලීම සිදුකළ බව වොෂින්ටන් DC හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

රවිනාථ ආර්යසිංහ මහතා මීට පෙර රටවල් රැසක තානාපතිවරයෙකු ලෙස සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළ අයෙකු වෙයි.