හොංකොං රජයෙන් විදේශික ගෘහ සේවිකාවන්ට සහනයක්

හොංකොං රජයෙන් විදේශික ගෘහ සේවිකාවන්ට සහනයක්

හොංකොං රජය විසින් එරට සේවයේ නියුතු විදේශික ගෘහ සේවිකාවන්ට සහනයක් ලබා දීමේ අරමුණින් රැකියා කොන්ත්‍රාත් කාලය 2021 මාර්තු 31 දිනට හෝ ඊට පෙර අවසන් වන අය සඳහා රැකියා කොන්ත්‍රාත්තුව අලුත් කිරීමේ වලංගු කාල සීමාව තවත් මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

තවද, මේ වන විට කොන්ත්‍රාත් කාලය කල් ඉකුත් වී දේශීය ගෘහස්ථ සහායකයින්ට හොංකොං හි රැඳී සිටීමේ සීමාව දීර්ඝ කිරීම සඳහා ඉල්ලුම් කළ නොහැකි අතර ඔවුන්ගේ රැකියා සම්බන්ධතා අවසන් වූ දින සිට සති දෙකක් ඇතුළත හොංකොං වෙතින් පිටවිය යුතු බව හොංකොං රජය විසින් නිවේදනය කර තිබේ.

විදේශීය ගෘහ සේවිකාවන්ගේ නිවාස නිවාඩු කල්දැමීම සඳහා රජය විශේෂ ලිහිල් කිරීමක්ද සිදුකර තිබෙන අතර හොංකොං කම්කරු දෙපාර්තමේන්තුව සේවා නියුක්ති පනත යටතේ සේවා යෝජකයින්ගේ සහ විදේශීය ගෘහ සේවිකාවන්ගේ බැඳීම් සහ අයිතින්ද යාවත්කාලීන කිරීමද විශේෂත්වයකි.

තවද විදේශීය ගෘහ සේවිකාවන් සඳහා හොංකොං කම්කරු දෙපාර්තමේන්තුව අඛණ්ඩව කොවිඩ් - 19 පරීක්ෂණ පවත්වන අතර,2021 ජනවාරි 2 සිට පෙබරවාරි 6 දක්වා කාලය තුළ නොමිලේ කොවිඩ් -19 පරීක්ෂණ සේවාව අඛණ්ඩව ලබා දෙන කම්කරු දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිවේදය කර තිබුණි.