කටාරයේ රැකියාවට ගොස් අසරණවූ ලාංකිකයින් පිරිසක් දිවයිනට

කටාරයේ රැකියාවට ගොස් අසරණවූ ලාංකිකයින් පිරිසක් දිවයිනට

කටාරයේ රැකියාවට ගොස් සිටියදී එරට හාම්පුතුන්ගෙන් විවිද හිරිහැර ,කරදර වලට ලක්ව මව්බිමට පැමිණීමට නොහැකිව සිටි ලාංකිකයින් පිරිසක් අද අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස පැමිණ තිබෙන අතර එලෙස පැමිණි පිරිස අතරට ලාංකිකයින් 293 දෙනෙකු ඇතුළත්.
 
ශ්‍රී ලංකාවට පැණීමට නොහැකිව සිටින විදෙස්ගත ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පිරිස දිවයිනට ගෙන්වා තිබුණි.
 
ලාංකිකයින් පිරිස අද අලුයම 6.00 ට පමණ කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.218 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
 
පසුව මෙම ලාංකිකයින් පිරිස නිරෝධායන කටයුතු සඳහා යුද හමුදාව විසින් රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගොස් තිබේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image