කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් ඊයේ (28දා) නිකුත් කළ තොරතුරු අනුව ඊයේ (28දා) උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 772 දෙනකු හඳුනාගෙන ඇති අතර ඉන් 30 දෙනකු විදේශගතව සිට මෙරටට පැමිණි අය වන බව හඳුනාගෙන තිබේ.
හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එම ගණන 189කි. ඊට අමතරව ගම්පහින් 178ක්ද, කළුතරින් 93ක්ද වාර්තා වේ.
