2021ට රට රැකියා ලක්ෂ 2ක්

2021ට රට රැකියා ලක්ෂ 2ක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විසින් මෙම වසර තුළ ශ්‍රී ලාංකිකයින්ට විදෙස් රටවල රැකියා අවස්ථා ලක්‍ෂ 2ක් ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විසින් මෙම වසර තුළ ශ්‍රී ලාංකිකයින්ට විදෙස් රටවල රැකියා අවස්ථා ලක්‍ෂ 2ක් ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රායලය සහ යුරෝපා රටවල්, මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් රැසකින් මෙම රැකියා දෙලක්ෂය ලබාදීමට නියමිත බවද පැවසේ.

මෙම වසර තුළදී ජපානයට පමණක් ශ්‍රී ලාංකිකයන් 2000ක් යැවීමට සැලසුම් කර තිබෙන අතර ජපානයේ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට ජපන් භාෂාව ඉගෙන ගැනීම අනිවාර්ය වන අතර මුල් කණ්ඩායමේ 1000ක් වෙනුවෙන් ජපන් භාෂාව ඉගැන්වීමේ කටයුතු පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිතය.

මේ වන විටත් නව රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලැබෙමින් පවතින බවත් වෙනත් රටවල් කිහිපයක විදෙස් තානාපතිවරුන් සමඟ විදෙස් රැකියා ශ්‍රී ලාංකිකයන්ට ලබාගැනීම වෙනුවෙන් පැවැති සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ද සඳහන් කරයි.