විදෙස්ගත ලාංකිකයින්ගෙන් රජයට ඉල්ලීමක්

විදෙස්ගත ලාංකිකයින්ගෙන් රජයට ඉල්ලීමක්
විදේශ රටවලදී කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තම නිවසේදීම නිරෝධායනය වීමට අවස්ථාව සලසා දෙන ලෙස මැදපෙරදිග ශ්‍රී ලාංකික එකමුතුව රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින්. 
 

විදේශයකදී කොවිඩ් එන්නත පූර්ණ වශයෙන් ලබාගන්නා ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේදී හෝටල් නිරෝධායනය හෝ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොකර තම නිවසේදීම නිරෝධායනය වීම සඳහා ඉඩ ලබාදෙන ලෙසයි එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ. මැද පෙරදිග ශ්‍රී ලාංකික එකමුතුවේ නියෝජිතයින් අදාළ ලිපියේ පිටපතක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් සිල්වා වෙත භාර දී තිබෙනවා. 

අද වනවිට කොවිඩ් වසංගත තත්ත්වය හොඳින් පාලනය කරගැනීමට මැදපෙරදිග කලාපයේ රටවලට හැකියාව ලැබී තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියළු නේවාසිකයින්ට එරට රජයේ පූර්ණ අනුග්‍රහයෙන් කොවිඩ් එන්නත ලබාගැනීම අනිවාර්ය කර ඇති බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ. 

පී සී ආර් පරීක්ෂාව හා කොවිඩ් එන්නත ලබාගැනීම සහතික කිරීම මෘදුකාංගයක් ඔස්සේ යාවත්කාලීන කරනු ලබනවා. ඒ අනුව කිව් ආර් කේතයක් මගින් ලොව ඕනෑම තැනක සිට පී සී ආර් පරීක්ෂණවලට ලක්වීම හෝ කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින් පිළිබඳ සහතිකයක් ලබාගත හැකියි. 

මෙම තත්ත්වය යටතේ වසරක සේවා කාලයකින් පසුව තමන්ට හිමි වන දින 28 ක නිවාඩුව සඳහා මෙරටට පැමිණ සිය නිවෙස්වල ගත කිරීමට ඉඩ සලසා දෙන ලෙසයි මැදපෙරදිග ශ්‍රී ලාංකික එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

12

3

4

මූලාශ්‍රය නෙත් නිවුස්