රට රැකියාවකට යනවා නම් මේ ගැන දෙවරක් හිතන්න

රට රැකියාවකට යනවා නම් මේ ගැන දෙවරක් හිතන්න
විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් කණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ පසුගිය කාලසීමාව තුළ ලාංකිකයින් විශාල ප්‍රමාණයක් දිවයිනට ගෙන්වා ගන්නා ලද අතර ඒ අයගෙන්  ඒ ඒ රටවලදී සිය හාම්පුතුන්ගෙන් විවිද හිරිහැරයට ලක්වූ ශ්‍රමිකයින්ද විශාල ප්‍රමාණයක් දිවයිනට ගෙන්වා ගන්නා ලදී.
 
විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමේ පැහැදිලිවන කාරණයක් වන්නේ වසරක් පාසා විදෙස්ගතවෙන ලාංකික ශ්‍රමිකයින් ඒ ඒ රටවලදී නොවිඳිනා දුක් විදින බවත් බොහෝ අවස්ථාවල කාන්තා ගෘහ සේවිකාවන් හාම්පුතුන්ගේ විවිද අතවරයන්ට හා හිංසනයන්ට ලක්වීමේ ප්‍රවණතවයක් පවතින බවයි.
 
අද දිනයේද එවැනිම වූ කණ්ඩායමක් දිවයිනට ගෙන්වා ගැනීම සිදුකර ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයට ගොස් එහී හාම්පුතුන් අතින් විවිද හිරිහැර හා කරදරවලට ලක්ව අසරණවී සිටි ලාංකිකයින් 306ක් මෙලෙස ගෙන්වා තිබේ.
 
මින් පෙර සෞදි අරාබියේ සිට හා කුවේට් රාජ්‍යයේ සිටත්  හිරිහැරයන්ට ගොදුරුවූ මෙවැනිම පිරිස් දිවයිනට ගෙන්වා ගත් අතර තවත් එවැනිම වූ අය දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස්ගතව රැඳී සිටියි.
 
විදෙස්ගත ශ්‍රමිකයින් යනු අප රටේ ආර්ථික සරිකරන විදේශ විනිමය රටට ගෙනෙන වැදගත්ම ශ්‍රමික කොට්ඨාශයකි. එබැවින් රට රැකියා කටන විදෙස්ගත ශ්‍රමිකයින් ගැන මීට වඩා අවදානය යොමුකිරීමේ කාලය පැමිණ තිබේ.