විදේශිකයින්ට කුවේටය තවදුරටත් තහනම් තැනක් වෙයි

විදේශිකයින්ට කුවේටය තවදුරටත් තහනම් තැනක් වෙයි
කුවේට් රාජ්‍ය වෙත එරට පුරවැසියන් හැර වෙනත් පුද්ගලයින්ට ඇතුළු වීම සඳහා පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීම එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අදාල තහනම ක්‍රියාත්මක කිරීමට කුවේට් රජය තීරණය කළ අතර ඒ අනුව කුවෙට් ජාතිකයින් නොවන පුද්ගලයින්ට එරටට ඇතුළු වීම තවදුරටත් තහනම් වී තිබේ.

 

මේවනවිට කුවේටයෙන් වාර්තාවෙන කොරෝනා ආසාදිතයින් ගණන 184,090ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ආසාදිත පුද්ගලයින් 1,044ක් මරණයට පත්ව තිබේ.

දැනට සුවය ලැබූ පිරිස 172,227කි.මේ තත්ත්වය සැලකිල්ලට ගනිමි කුවේටය තුළ වෛරසය ව්‍යාප්තවීම යම්තාක් දුරටට් පාලනය කිරීමේ අරමුණින් පසුගිය දා මෙලෙස විදේශිකයින්ට කුවේටයට පැමිණීම තාවකාලිකව තහනමට ලක්කරන ලදී. 

කෙසේවෙතත් කුවේට් ජාතිකයින්ට රට තුළට ඇතුළු වීමට අවසර ලබා දී තිබුණ ද ඔවුන් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යටත් විය යුතු බවත් සඳහන්.