කොරෝනා නිසා දිනෙන් දින අපට අහිමිවෙන රටවිරු ජීවිත

කොරෝනා නිසා දිනෙන් දින අපට අහිමිවෙන රටවිරු ජීවිත
ඉතාලියේ සේවය කල ලාංකිකයින් දෙදෙනෙකු දින 02ක් තුළ කොවිඩ් රෝගය වැළඳීම නිසා මරණයට පත්ව තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
මෙලෙස මියගොස් ඇත්තේ මිලාන් නුවර ජීවත්වූ වසන්ත ප්‍රියංකර හා රෝම් නුවර ජීවත්වූ අජිත් සිසිර කුමාර යන අයයි.
 
වසන්ත ප්‍රියංකර මහතා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 52 හැවිරිදි  තිදරු පියෙකි. ඔහු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා රෝහල්ගත කර තිබෙන අතර එහිදී කොවිඩ් පොසිව් වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණය පත්ව තිබේ.
 
අජිත් සිසිර කුමාර යන අය කොට්ටාව ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු 57 හැවිරිදි පුද්ගලයෙකි. කොරෝනා රෝග ලක්ෂණ තහවුරු වීම නිසා රෝහල්ගතකර තිබෙන අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
ඔවුන් දෙදෙනාම වසර 20කට අධික කාලයක් ඉතාලියේ රැකියා කරමින් ඔවුන්ගේ පවුල්වල අයත් සමඟ ජීවත්වෙමින් සිටි අයයි.
 
කොරෝනා වෛරසය හේතුවෙන් දිනෙන් දින රටට අහිමිවෙන රටවිරු ජීවිත ඉහළ යමින් තිබෙන බව නම් පැහැදිලි කරුණකි.රටට විනිමය උපයාදෙන විදෙස්ගත ශ්‍රමිකයින් ගැන බලධාරීනේ අවදානය තව තවත් වැඩිවිය යුතු කාලයක් එළැබ තිබේ.