කටාර්වල රැකියාවට ගිය ලාංකිකයින්ට අත්වූ ඉරණම

කටාර්වල රැකියාවට ගිය ලාංකිකයින්ට අත්වූ ඉරණම

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 207 දෙනෙකු ඊයේ අලුයම් කාලයේ දිවයිනට ගෙන්වා තිබේ.

ඔවුන් කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් වන අතර දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බවත් සඳහන්.

මෙම ගුවන් යානයෙන් පැමිණ සිටි පිරිස අතර වැඩි දෙනෙකු කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන්.

විදෙස්ගතව සේවයට යන බොහෝ කාන්තාවන්ට අදවනවිට අත්වී ඇති ඉරණම මේ ආකාරයි. දිනෙන් දින කොරෝනා වෛරසය නිසා මියයන විදෙස්ගත ශ්‍රමිකයින් මෙන්ම ඒ ඒ රටවල සේවයට ගොස් හාම්පුතුන්ගෙන් කරදර විද දිවයිනට ගෙන්ව පිරිස්ද වැඩිවී තිබේ.

ගෘහ සේවයට යන ලාංකික කාන්තාවන් වැඩි පිරිසක් ඒ ඒ රටවල දී සිය හාම්පුතු අතින් ලිංගික හිරිගැර,ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ අවස්ථා වර්තමානය වනවිට වැඩිවී තිබේ. එහිදී බොහෝ කාන්තාවන් ආබාධිත තත්ත්වයන්ට පත්වන අවස්ථා හෝ දීර්ඝකාලීනව රෝගාබාදවලින් පීඩාවිඳින තත්ත්වයන්ටද පත්වන අවස්ථා ඇත.

එබැවින් විදෙස්ගතවන ලාංකික ගෘහ සේවිකාවන්ට සුරක්ෂිත රැකියා තත්ත්වයක් ඇති කිරීමේ අවශ්‍යතාවය මෙවැනි සිදුවීම් හරහා පැහැදිලිවන කාරණයකි.