සයිප්‍රසයේ ඔබට සමාජ රක්ෂණ මුදලෙන් ලැබෙන ප්‍රතිලාභ නිවැරදිව දැනගන්න

සයිප්‍රසයේ ඔබට සමාජ රක්ෂණ මුදලෙන් ලැබෙන ප්‍රතිලාභ නිවැරදිව දැනගන්න
සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල මූලිකව සැදී ඇත්තේ සයිප්‍රසයේ නීතිරීති අනුව එම රටේ පුරවැසියන් වෙනුවෙනි. එහෙත් එහි සේවයට පැමිණෙන විදේශිකයන්ට ද සෞඛ්‍යය ප්‍රතිලාභ  හදිසි අනතුරු ප්‍රතිලාභ ආදී අංශ 12 වෙනුවෙන් සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල  තුළින් ප්‍රතිලාභ ලබාදේ. 
 
දරු උපතක් සඳහා යුරො 3000/- පමණ ප්‍රතිලාභ ලැබෙන අතර ඉතා බැරෑරුම්  වෛද්ය ප්‍රථිකාර වෙනුවෙන් යුරෝ 15,000/- බිල්පත් ගෙවූ අවස්ථාද තිබේ.  පසුගිය මස  හතරේ පමණක් ශ්‍රී ලාංකිකයන්ගේ දරු උපත් 20 කට  වඩා අදාල  දීමනා ලබාදී ඇත. 
 
මේ වසරේ පමණක් දැනටමත්  මියගිය දෙදෙනෙකුගේ සිරුරු  ශ්‍රී ලංකාවට  යැවීමට යුරෝ  3,000/- බැගින් වූ මුදල් ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේද විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට අවම වශයෙන් මාස 120 සේවා කාලයක් එනම් වසර 10 කාලයක් සේවය කර තිබිය යුතු අතර විශ්‍රාම වැටුප් ගැනීමට වසර 60ක් දක්වා සිටිය යුතුය. 
 
 එය සයිප්‍රසයේ අවම  කාලය වසර 12කි.   විශ්‍රාම වැටුප්  ගෙවන කාලය  වයස 65කි.
 
දැනට සයිප්‍රස් කොන්සල් ජනරාල්  කාර්යාලයට ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් 20ක් පමණ  වයස  65 සම්පුර්ණ වූ පසු  විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලබා ඇත. එක කාන්තාවක් දැනටමත්   සම්පුර්ණ විශ්‍රාම වැටුප් ලබමින් සිටි.
 
එයට අමතරව වසර 12 හෝ එයට වඩා සේවය කළ ශ්‍රී ලාංකිකයන් 340 දෙනෙකු  පමණ  එක්වරක් ලැබෙන  දීමනාවට හිමිකම් ලැබෙන අතර ඉහළ වැටුප් ලද  එක පුද්ගලයෙකුට යුරෝ  40,000/-  එකවර ගෙවන මුදලක් ලැබීමට  නියමිතය. දැනට ඔහුගේ වැටුප යුරෝ 1700 කි. වසර 19ක්  සේවය කොට ඇත.
 
මෙම  සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල පිළිබඳව තොරතුරු මානව පැහැදිලි කර තිබිය දී  ඒවා නිවැරදිව තේරුම නොගැනීම පුදුමයකි. 
 
වැඩිදුර විස්තර සඳහා  මෙතනින්  පිවිසෙන්න.
 
සයිප්‍රස්හි කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සිදු කරන්නේ අදාල අරමුදල් ලබා ගැනීම සඳහා  මග පෙන්වීම හා උදව් කිරීම පමණි. ඔබට හිමි මුදල් නිලධාරියෙකුට හෝ රජයකට අයථා ලෙස ලබා ගත නොහැක. 
 
සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල කිසිඳු තොරතුරක් නොදත්  සමාජ මාධ්‍යයන්හි පෙනී සිටින   හා විවිධ  සංවිධාන  නමින් පෙනී සිට සයිප්‍රසයේ   රැකියා කළ  පිරිස රවටන අයගෙන් ප්‍රවේශම් වන මෙන් කාරුණිකව දන්වමි.
 
යළිත් ඔබට අවධාරණය කොට පහදා දෙමි. එක්වරක් ලබාගන්න දීමනාව සඳහා වසර 12 සිට 24 දක්වා කාලයක් සේවය කළ යුතුය. 
එම  මුදල් වයස 68 දී ලබාගත හැක. වයස 68 සම්පුර්ණ කළ දෙදෙනෙකු ඉදිරිපත් කළ  වූ අයදුම් පත්  දෙකක් මේ සතියේ ලැබුණි.  එක කාන්තාවක වසර 20 හා අනෙත් පුද්ගලයා වසර 22 සේවය කොට ඇත. විශ්‍රාම වැටුප් සඳහා වසර 25ක් සේවය කොට වසර 65 සම්පුර්ණ කළ  යුතුය. දැනට පුර්ණ විශ්‍රාම වැටුප් ගෙවා අත්තේ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට පමණි
 
සයිප්‍රස් සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පිළිබඳව මුල මැද අග නොදැන සිටි බොහෝ දෙනෙකු කොන්සල් ජනරාල් කාර්යාලයේ දැනුවත් කිරීම මත එහි ප්‍රතිලාභ ලබාගනිමින් සිටිති. ඒ පිළිබඳව අපට ඇත්තේ සියුම් ප්‍රීතියකි.
 
උපුටා ගැනීම -සයිප්‍රස්හි කොන්සල් ජනරාල් කාර්යාල (නිල ෆේස්බුක් පිටුව)