කුවේටයේ සිටින ඔබ අතපසුවීමකින්වත් මේවැනි වැරදි කරන්න එපා -අමාරුවේ

කුවේටයේ සිටින ඔබ අතපසුවීමකින්වත් මේවැනි වැරදි කරන්න එපා -අමාරුවේ

කුවේටයේ සේවය කරන ලාංකිකයින්ට අතිශය වැදගත්වෙන තොරතුරක් සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ලිවින් ඉන් කුවේට් ෆේස් බුක් පිටුව විශේෂ දැනුවත් කිරීමක් කර තිබේ.

එහි සඳහන් ආකාරයට කුවේටයේ කේතාන් ප්‍රදේශයේදී විදේශිකයින් 19 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන අතර එම පිරිස කාඩ් ක්‍රීඩාවේ යෙදී සිටින අවස්ථාවේ එය වීඩියෝගත කර ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලවෙත මුදා හැරීම නිසා මෙලෙස පොලිස් රැහැනට හසුවී තිබේ.
 
එවැනි වීඩියෝපටයක් සමාජ මාධ්‍ය ජාලවෙත මුදා හැරීම නිසා ඒ කුවේට් දේශයට කළ අපහාසයක් ලෙස සලකමින් මෙම විදේශිකයින් පිරිස අත් අඩංගුවට ගෙන ඇත.
 
කුවේටයේ රැකියාව සඳහා විදේශගතව සිටින ලාංකිකයින් බොහෝමයකි. ඔබත් ඒ අය අතර සිටින අයෙක් නම් මෙවැනි ක්‍රියාවන් සිදු කිරීම වඩා අවදානම් බව සිහියේ තබා ගන්න. එමෙන්ම සමාජ මාධ්‍යජාල වෙත වීඩියෝපට මුදා හැරීමේදී දෙවරක් හිතන්න.මක් නිසාද නොදැනුවත්ව හෝ මෙවැනි වීඩියෝපට මුදා හැරීම තුළින් ඔබට පොලිස් අත් අඩංගුවට පත්වීය හැකියි.
 
ඔබත් දැනුවත් වෙන්න.මේ වැරදි ක්‍රියාවන් නොකර සිටින්න .අනෙක් අයගේ දැනුවත් භාවය උදෙසා මේ පණිවිඩය බෙදා හරින්න.
 
159620115 1407542666249240 7643146774398882650 o