විදේශයේ සිටින ලාංකිකයින් අසාධාරණයට එරෙහි හඬ නඟයි

විදේශයේ සිටින ලාංකිකයින් අසාධාරණයට එරෙහි හඬ නඟයි
විදේශයේ සිටින ලාංකිකයින් අසාධාරණයට එරෙහි හඬ සිය හඬ අවදි කරමින් සිටී. අනේක දුක් කම්කටොලු විදිමින්,දහඩිය මහන්සියෙන් උපයාගත් දෙයින් සිය දරුවන් සමඟ ජීවිත්වීමට වාසනාව අහිමිවිම නිසාත් කොරෝනා වසංගතය හමුවේ සිය අපෙක්ෂාවන් හා බලාපොරොත්තු සුන්වීමත් අතේ තිබෙන මුදල් වලින් දිවයිනට පැමිණීමට සිදුව තිබීමත් වැනි විවිද වූ කාරණා නිසා අද වනවිට විදෙස්ගත ශ්‍රමිකයින්ට අත්ව ඇත්තේ අසරණ තත්ත්වයකි.
 
ඇතැම් අය රැකියාව පවා අහිමිව වීදිවල සිගමන් යදින තත්ත්වයටටද පත්ව තිබේ.තවද රැකියා අහිමිවීම නිසා නේවාසික පහසුකම් නොමැතිව,හරිහමන් අහරක් නොමැතිව මාර්ගවල ජීවත්වෙන ලාංකිකයින්ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් වීඩියෝපට හරහා අප දැක්කෙමු.
 
රටට විනිමය උපයාදෙන මේ රට විරුවට වර්තමානය වනවිට අත්ව ඇත්තේ මෙවැණි දුක්ඛිත ඉරණමකි. සිය මුදල්වලින් ගුවන්ටිකට් පත්වලට ගෙවාගෙන මව්බිමට එන ලාංකිකයින්ට හෝටල් නිරෝධායනය නිසා ඉතිරිව ඇති මුදලුත් අහිමිවී යයි.
 

විදේශයේ සේවයට ගොස් අසරණව සිටින මේ ලාංකික අම්මගේ කතාවට ඇහුම්කන් දෙන්න...