ජපන් රැඳවුම් මධ්‍යස්ථානයක සිට ලාංකික තරුණියක් මියයයි

ජපන් රැඳවුම් මධ්‍යස්ථානයක සිට ලාංකික තරුණියක් මියයයි

ජපානයේ නගෝයා නගරයේ පිහිටි සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක දී ලංකික තරුණියක් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළ බව එරට අධිකරණ ඇමතිවරිය සඳහන් කර තිබේ.

මියගිය තරුණිය 2017 වසරේ ජපානයට ගොස් ඇත්තේ ශිෂ්‍ය වීසා පතක් මගින් වන අතර ඇයගේ ශිෂ්‍ය වීසා පත පසුගිය වසරේ අගෝස්තු මස නිමවී ඇත. අනතුරුව ඇය එම රැඳවුම් මධ්‍යස්ථානය කරා රැගෙනගොස් තිබුණා.

පසුගිය 06 වන දා සංක්‍රමණිකයන් රඳවා තබාගැනීමේ මධ්‍යස්ථානයක කාමරයක් තුළ ඇය සිහිසුන්ව සිට ඇති අතර රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගොස් තිබෙන බව ජපන් පුවත් සේවයක් වන NHK ආයතනය සඳහන් කර ඇත.

මියගිය තරුණිය සම්බන්ධයන් ජපන් අධිකරණ ඇමතිවරිය වන” කමිකාවා යෝකෝ ” සඳහන් කර ඇත්තේ තරුණිය ඇයගේ දුර්වල සෞඛය තත්වය දන්වා ඇති බවත් වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් කිහිපවරක් පරික්ෂා කර ඇති බවත්ය.