ලාංකික ධීවරයින්ට පිහිට නොවීම නිසා මියන්මාරයේ ලක් තානාපති ඉල්ලා අස්වෙයි

ලාංකික ධීවරයින්ට පිහිට නොවීම නිසා මියන්මාරයේ ලක් තානාපති ඉල්ලා අස්වෙයි
මියන්මාරයේ අතරමවූ ලාංකික ධීවරයින්ට පිළිසරණක් නොවූ බවට එන්න වන චෝදනා නිසා එරට ශ්‍රී ලංකා තානාපතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
 
මෙලෙස තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ තානාපති මහාචාර්ය නලීන් ද සිල්වා මහතායි.
 
කෙසේ වෙතත්, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ සමුළුව සහ ධීවර ගැටළුව අවසන් වනතෙක් මියන්මාරයේම රැඳී සිටින බව හෙතෙම  වැඩිදුරටත් සඳහන්කර තිබේ.
 
මියන්මාරයේ අසරණවී සිටින මෙම ලාංකිකයින් පිරිස නොයකුත් දුෂ්කරතා මැද එරට රැඳී සිටින බවයි පසුගියදා මාධ්‍යවෙත සඳහන් කර තිබුනේ.