නිරෝධායන මධ්‍යස්ථානයකදී රට විරුවෙකුට පහරදීමක් 

නිරෝධායන මධ්‍යස්ථානයකදී රට විරුවෙකුට පහරදීමක් 
බෙන්තොට EKHO SURF හෝටලයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි විදේශ රැකියාව නිමවා පැමිණි අයෙකුට එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් භාරව සිටි හුමදා නිලධාරියෙකු අමානුෂික ලෙස පහරදී තිබේ.
 
මෙම පහරදීම කර ඇත්තේ නිරොධායනය වෙමින් සිටි සම්පත් එදිරිසිංහ නම් කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට වන බවත්, ඔහු මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙනුවෙන් රුපියල් දෙලක්ෂ අනූ දහසක (රු.) ගාස්තුවක් ගෙවා ඇති බවත් තහවුරු වී ඇත. 
 
කෙසේ වෙතත් සැපයිය යුතු මූලික පහසුකම් සම්බන්ධයෙන් හමුදා නිලධාරියෙකු සමග වාද කිරීම නිසා මෙම පහරදිම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
 
 මෙම ප්‍රහාරයට ලක්වීමෙන් සම්පත් එදිරිසිංහගේ කණට හානි දිදුවී ඇති බව වෛද්‍යවරු නිගමනය කර ඇති බවත්,  මෙම පහරදීම සම්බන්ධයෙන් ඔහු පොසියටද පැමිණිලි කර ඇති බවත් වාර්තා වේ.
 
කෙසේ වෙතත් පහරකෑමට ලක්වූ සම්පත් එදිරිසිංහ මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ 17 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.
 
එසේ වුවද, මෙම පහරදීම සම්බන්ධයෙන් පොලීසිය මෙතෙක්  නිසි ක්‍රියාමාර්ග ගෙන නැති බවත්, මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ ආරක්ෂක කැමරා සවි කර ඇති බැවින් අදාල පහරදීම සම්පූර්ණයෙන්ම එහි පටිගතවී තිබෙන බවත්,  ඒ ඔස්සේ පහසුවෙන්ම පොලිසියට පරීක්ෂණ සිදුකළ හැකි බවත් පහරකෑමට ලක්වූ සම්පත් එදිරිසිංහ අවධාරණය කරයි.
 
 000
ඡායා රූ- ලංකා ටෘත් අනුග්‍රහයෙනි.