කටාරයේ ලෝක පාපන්දු ක්‍රීඩාංගනයේ සේවය කළ ලාංකිකයින් 557 මරුට

කටාරයේ ලෝක පාපන්දු ක්‍රීඩාංගනයේ සේවය කළ ලාංකිකයින් 557 මරුට

ලබන වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන කටාරයේ එම ක්‍රීඩාංගන ඉදිකිරීමේදී විදේශ ශ්‍රමිකයන් විශාල පිරිසක් අනතුරට ලක්වී ඇති බව The Guardian වාර්තා කරනවා.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ ගතවූ දස වසරක කාලය තුළ අදාළ ඉදිකිරීම්වලදී විදේශ ශ්‍රමිකයන් 6,500 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ශ්‍රී ලාංකිකයන් 557 දෙනෙකුද ඒ අතර වන බවයි.

qatar

මෙම ශ්‍රමිකයන් අධික උෂ්ණත්වය සහිත පරිසරයක උස් ස්ථානවල කටයුතු කරද්දී ඇද වැටී මියයාමේ සිද්ධින්ද වාර්තාවී තිබෙනවා. තවත් ශ්‍රමිකයන් අනතුරට ලක්වී ඇත්තේ ඊට සම්බන්ධ සංකූලතා හේතුවෙන්. කෙසේ නමුත් මෙම මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ බොහෝ අවස්ථාවලදී සිදුකර නොමැති බව සඳහන්.

එමෙන්ම ඒවා ස්වභාවික මරණ ලෙසයි නිශ්චය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය කියා සිටියේ අදාළ වාර්තා සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම කඩිනමින් ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන බවද ඔහු සඳහන් කළා.