විදෙස්ගත ශ්‍රමිකයින්ට කාර්යාංශයෙන් සැනසිලිදායක පිළිතුරක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට කාර්යාංශයෙන් සැනසිලිදායක පිළිතුරක්
කොරෝනා වසංගත තත්ත්වය මත මැද පෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවන් හි  නිරත විගමණික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීම සඳහා ක්‍රමවේදයක් සකසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
 
 
එනම් ඒ් සඳහා අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් සකසා ඇතැයි එම කාර්යාංශය විසින් නිවේදනය කර තිබේ.
 
ඒ අනුව පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක් (10) එකී නිරෝධායන මාධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා ජාතික කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ  අනුමැතිය සහිතව තෝරාගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වාදෙයි.
 
එමගින් එක් වරකට 571 දෙනෙකුට නිරෝධායන පහසුකම් සැපයිය හැකි බවත්, මෙහි දී හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් බවත් සඳහන්ය.