විදේශයේ සේවය කළ තවත් ලාංකිකයෙක් කොරෝනා වෛරසයට බිලිවෙයි

විදේශයේ සේවය කළ තවත් ලාංකිකයෙක් කොරෝනා වෛරසයට බිලිවෙයි
කුවේටයේ සේවයේ සිටියදී කොරෝනා වෛරසය වැලඳීම නිසා ලාංකිකයෙකු මරණයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ අල් හුදා සංගමයේ සභාපති ලෙස කටයුතු කළ නාසර් යන අයයි.
 
කොරෝනා රෝගය වැලඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබේ.

විශේෂයෙන් නසාර් මහතා කොරෝනා වසංගතය හේතුවෙන් කුවේටයේ අසරණව සිටි බොහෝ ලාංකිකයින් වෙනුවෙන් මැදිහත් වී මුදල් හා බඩුබාහිරාදිය ලබා දීමට කටයුතු කළ අයෙක් ලෙසද සඳහන්.