ඕමානයේ සේවයට ගිය ලාංකිකයින්ට අත්වූ අවාසනාවන්ත ඉරණම

ඕමානයේ සේවයට ගිය ලාංකිකයින්ට අත්වූ අවාසනාවන්ත ඉරණම

ඕමානයේ රැකියා සඳහා විදේශගතව සිටියදී එරට හාම්පුතුන්ගේ විවිද හිරිහැර හා පීඩාවට ලක්වූ ලාංකිකයින් 248 දෙනෙකු ඊයේ (01) රාත්‍රී කාලයේ දිවයිනට පැමිණ තිබේ.

ඕමානයේ මස්කට් අගනුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් මෙම පිරිස පැමිණ තිබූ අතර ඉන් වැඩි දෙනෙකු ඕමානයේ ගෘහ සේවයට ගිය ලාංකික කාන්තාවන් වෙන බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
 
රැකියා සඳහා විදේශගතව සිට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටින ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් දිවය්නට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මෙම පිරිස මව්බිමට ගෙන්වා තිබේ.