මේ අතර ඊයේ දිනයේදී මෙරටින් වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. එලෙස හඳුනා ගැනුණු ආසාදියින් ගණන 51 ක්. ඉන් ආසාදිතයින් 12 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයෙන්. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 33 ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 24 ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 22 ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
