හොර පාරෙන් කැනඩා යන්න ගිය ලාංකිකයා ගුවන්තොටේදී හසුවෙයි

හොර පාරෙන් කැනඩා යන්න ගිය ලාංකිකයා ගුවන්තොටේදී හසුවෙයි
ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඩුබායි රාජ්‍ය හරහා කැනඩාවට යාමට උත්සාහ කළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපළ  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ  ඒකකයේ  නිලධාරීන් පිරිසක් විසින්.
 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව, ආරම්පති ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්. සැකකරු අද අලුයම ඩුබායි වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකින් දිවයිනෙන් පිටව යාමටයි ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ. කෙසේවෙතත්, සැකකරු ඉදිරිපත් කළ කළ කැනේඩියානු වීසා බලපත්‍රය පිළිබඳව ගැටලු මතුවූ බැවින් ගුවන් සේවා නිලධාරීන්, අදාළ ලියකියවිලි ද සමග එම සැකකරු ගුවන් තොටුපලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත යොමු කර තිබෙනවා.                

එහිදී සිදු කළ තාක්ෂණික පරික්ෂාවන් වලදී අදාළ කැනේඩියානු වීසා බලපත්‍රය ව්‍යාජ ලෙස සකස් කර ඇති  එකක් බවටයි තහවුරු වී ඇත්තේ.