බෝට්ටුවෙන් එන අය අල්ලන්න ඕස්ට්‍රේලියාවෙන් ඩ්‍රෝන යානා 5ක් 

බෝට්ටුවෙන් එන අය අල්ලන්න ඕස්ට්‍රේලියාවෙන් ඩ්‍රෝන යානා 5ක් 
ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රි ලංකාවට අධිතාක්ෂණික ඩ්‍රෝන යානා පහක් ලබාදී තිබේ.
 
දෙරට අතර සිදුවන මිනිස් ජාවාරම පිළිබඳ සොයාබැලීම සඳහා එම ඩ්‍රෝන යානා ලබාදී ඇති බව වාර්තා වේ.
 
ඔස්ට්‍රේලියාව විසින් ආවේක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකත කර ඇති අතර ඒ යටතේ රටවල් රැසකට මෙලෙස ඩ්‍රෝන යානා ලබාදී තිබේ.
 
ඒ අනුව, ශ්‍රි ලංකාවට ද ඩ්‍රෝන යානා පහක් ලබාදුන් බව ඕස්ට්‍රේලියාවේ දේශසීමා අණදෙන නිලධාරී රියර් අද්මිරාල් මාර්ක් හිල් මහතා පවසා ඇත.
 
මිනිස් ජාවාරම සිදුකරන පුද්ගලයින් සැඟව සිට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සිදුකරන බවත් එම ප්‍රදේශවලට ළඟාවීම සඳහා එම ඩ්‍රෝන යානා මඟින් විශාල සහයක් ලැබෙන බවත් මාර්ක් හිල් මහතා පවසයි.