විදේශයේ සිට එන ලාංකිකයින්ට නිරෝධානය නොමිලේ ලබාදීමට පියවර

විදේශයේ සිට එන ලාංකිකයින්ට නිරෝධානය නොමිලේ  ලබාදීමට පියවර
විදේශයේ සිට පැමිණෙන ලාංකික ශ්‍රමිකයින් නිරෝධායනය කිරීම සඳහා වැඩි පහසුකම්වලින් යුත් තරු පන්තියේ හෝටල් 7ක් වෙන් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
 
රජයෙන් මේ ලබා දෙන අවස්ථාව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ ශ්‍රමිකයින්ට පමණක් නොමිලේ හිමිවෙන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
 
තවද,නොමිලේ නිරෝධායන පහසුකම් දීමේ වැඩසටහන යටතේ ලාංකික ශ්‍රමිකයින් 430 දෙනෙකුට වැඩි පිරිසක් මේවනවිට දිවයිනට ගෙන්වා තිබෙන බවත් හෙතෙම පැවසීය.