
පාකිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල සිට සෞදි අරාබියට පැමිණීය සීමා කර ඇති බව සෞදි ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර තිබේ.
එමෙන්ම සෞදි රජය විසින් සිය පුරවැසියන්ට මෙම රටවලට සංචාරය කිරීම ද තහනම් කර තිබෙන බවත් සඳහන්.
කෙසේ වෙතත්, සෞදි ජාතිකයින්ට සහ ඉකාමා හිමියන්ට ඉදිරි පැය 72 තුළ නැවත රටට පැමිණිය හැකි අතර ඉන් පසු කිසිදු මගියෙකුට රට තුළට ඇතුළු වීමට ඉඩ නොදෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.